පුවත් සහ සිදුවීම්

සමුගැනීමේ උත්සවය – හිටපු ලේකම් එම් පී ඩී යූ කේ මාපා පතිරණ මහතා

ආයුබෝවන් ලේකම්තුමෙනි

 

කටු ඔටුනු නොපැළඳ
දරා දෙඋරත වගකීම
නොයා තනිව මහගිරිදඹ
දිගුකර දෙඅත් පහළට
අපව ද රැගෙන ඉහළට
කියා දී ඉටුකළ යුතු යුතුකම
අනෙකා වෙනුවෙන්…….
සතුට බෝවන තැන
දිගු කර ඇඟිල්ලෙන් පෙන්වූ ඔබ
හදවතේ ගැඹුරුම තැන
සිටි යි නික්ම ගිය ද
සිටින බව පසක් කර…..
ඔබ නිහඬව ඉගැන්වූ
නිහතමානීකම අපට බෝ වූ විට
වික්මැති මාපා පතිරණ ලේකම්තුමෙනි
සුබ පැතුම් පිරිනමමු
රටට ඔබ අවැසිම තැන

 

කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම් පී ඩී යූ කේ මාපා පතිරණ මහතා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් කම්කරු අමාත්‍යාංශයේ කාර්යයමණ්ඩලය විසින් සමුගැනීමේ උත්සවයක් 2022.04.27 දින සංවිධ‍ානය කරන ලදි.

Leave a Reply