සම්මන්ත්‍රණ

කම්කරු ක්ෂේත්‍රය පිළිබඳ විද්වත් කතිකාවත

 

මෙම අමාත්‍යාංශය විසින් වාර්ෂිකව කම්කරු ක්ෂේත්‍රයේ විවිධ කාලෝචිත තේමාවන් පාදක කර ගනිමින් විද්වත් කතිකාවතක් සංවිධානය කරන අතර එහි පර්යේෂණාත්මක ලිපි අඩංගු කරමින් ජර්නලයක් ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2020 වර්ෂයේ “කොවිඩ් 19 – කම්කරු ගැටළු සහ ප්‍රතිචාර” යන තේමාව පදනම් කර ගනිමින් පර්යේෂණාත්මක ලිපි කැඳවීම සිදු කර අවසන් අතර ඒවා කම්කරු විෂය පිළිබඳ හසළ දැනුමැති විද්වත් කමිටුවක් විසින් ඇගයීමෙන් අනතුරුව ජර්නලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මේ වන විට රටේ පවතින වාතාවරණය හේතුවෙන් මෙවර විද්වත් කතිකාවතක් නොපවත්වා ජර්නලය ප්‍රකාශයට පත් කිරීම පමණක් සිදු කෙරේ.