පුවත් සහ සිදුවීම්

දේශීය හා විදේශීය රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් වෘත්තීමය ජීවිතාරක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට සාකච්ඡා කෙරේ.

දේශීය හා විදේශීය රැකියා වෙළදපොල ඉලක්ක කරගනිමින් වෘත්තීමය ජීවිතාරක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමත්, දැනට සේවය කරමින් සිටින ජීවිතාරක්ෂකයින් සදහා වෘත්තීමය සහතික කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් අරමුණු කරගනිමින් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා  සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ නියෝජිතයින් අතර සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණා.

සියලුම වෘත්තීන්ට ගරුත්වයක් ලබාදීම සදහා අමාත්‍යාංශය යටතේ ඇති මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව විසින් මානව සම්පත් කවුන්සිල පිහිටුවීම සදහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන් සම්බන්ධයෙන් දැනුවත් කළ අමාත්‍යවරයා එම වැඩසටහනට එක්වන ලෙසටද ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ නියෝජිතයින්ට ආරාධනා කළේය.

ජීවිතාරක්ෂක වෘත්තිකයින්ගේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ ජාත්‍යන්තර ශ්‍රම වෙළදපොල සදහා පුහුණු ශ්‍රමිකයින්ට අවස්ථාවන් විවෘත කරදීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග අවභෝධතා ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවුවේය. ජීවිතාරක්ෂක වෘත්තිනයින්ගේ සේවා ප්‍රමිතීන් ඉහළ මට්ටමකට ගෙන ඒම මගින් ලෝකයේ නිපුණතා සහ සහතික ලත් ජීවිතාරක්ෂක සේවා සපයන ප්‍රමුඛයා බවට පත්වීම සදහා ගත හැකි සාධනීය පියවර සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක්විය.

Leave a Reply