පුවත් සහ සිදුවීම්

කම්කරු ආරවුල් බේරුම්කරණයන් කඩිනම් කරන්න නව පත්වීම් 23 ක් .

කම්කරුවන් හා වෘත්තීය සමිති විසින් ඉදිරිඳත් කරන ලද විවිධ හේතු  හා ඉල්ලීම් මත බේරුම්කරණයට යොමු කර ඇති සියළුම කාර්මික ආරවුල් ඉල්ලීම්වලට අදාල (නඩු) බේරුම්කරණ පරික්ෂණ කඩිනම් කිරීම සඳහා නව බේරුම්කරණ සාමාජිකයන් (23) විසිතුන් දෙනකුට පත්වීම් ප්‍රදානය කෙරේ. මෙම බේරුම්කරණ ක්‍රියාවලියට දීර්ඝ කාලයක් වැය කිරීම නිසා,පැමිණිලිකරුවන්ට බරපතල අසාධාරණයක් වන බවත්,එම නිසා බේරුම්කරුවන් අළුතින් පත් කර මෙම පරික්ෂණ ක්‍රියාවලීන් කඩිනම් කරන බව ද එම නිසා මින් පසු මාස තුනක් ඇතුලත මෙම බේරුම්කරණ පරික්ෂණ අවසන් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. එසේම මින් ඉදිරියට එම බේරුම්කරණ පරික්ෂණ කොළඹට කැදවීම වෙනුවට ඒ පාර්ශවයන්ට පහසු ප්‍රදේශවල කම්කරු කාර්යාලවල එම පරීක්ෂණ පැවැත්විය යුතු බව ද ඇමතිවරයා අවධාරණය කළේය. කම්කරු ආරාවුල් බේරුම්කරණය සඳහා පත් කළ නව සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා පසුගිය දා (12) කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේ දි අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහි  දි අභිනව සාමාජිකයන් (23) දෙනකුට බේරුම්කරණ සාමාජික පත්වීමි කරනු ලැබීය. දැනට මේ සඳහා සිටින්නේ බේරුම්කරණ සාමාජිකයන් (19)දහනව දෙනකු පමණි. මේ වනවිට එම බේරුම්කරණ පරික්ෂණ 220 ගොනු කර ඇත.ඉන් 183 ක් පරික්ෂණ මට්ටමේ පවතින බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පෙන්වා දුන්නේය. බේරුම්කරණය යනු ගතානුගතික උසාවි ක්‍රමයෙන් බැහැර වූ සාධාරණ යුක්ති මූලධර්මයන්ට අනුව ප්‍රශ්නගත පාර්ශවයන් සමඟ සාකච්ඡා කොට ආරවුල් කඩිනමින් සමථයකට පත්කරන ක්‍රමවේදයක් බවත්, එයට අනුගත වෙමින් බේරුම්කරණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බව මෙහි දි අමාත්‍යවරයා මුලින්ම පෙන්වා දුන්නේය. මෙම සමහර බේරුම්කරණ පරික්ෂණ වසරගණන් දිග්ගැසී යාම නිසා වින්දිත සේවකයන්ට බරපතල අසාධාරණයක් වන බව ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය. මෙයට හේතුව නීතිඥයන් දිගින් දිගටම දිනගැනීම බවත්,එම නිසා ඉදිරියේ දි එසේ උසාවිවල මෙන් දිගින් දිගටම දින දීම නොකළ යුතු බවත්, හරස් ප්‍රශ්න හා සාක්ෂි විමසීමට ගත කරන කාලය අවම විය යුතු බව ඇමතිවරයා අවධාරණය කළේය. අත්‍යාවශ්‍ය අවස්ථාවලදි ඒ සඳහා අවම කාලයක් ලබාදිය යුතු බව ද සෙසු සියලු සාක්ෂි සහ කරුණු දැක්වීම් ලිඛිතව දිව්රුම් පෙත්සම් මගින් ඉදිරිපත් කිරීමට අදාල පාර්ශව දැනුවත් කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. සෙනසුරාදා සහ ඉරිදා දිනවල දි ද මෙම පරික්ෂණ පවත්වා එම පරික්ෂණ කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ද ඇමතිවරයා මෙහි දි අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය. මෙම උත්සව අවස්ථාවට අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ,කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත්චන්ද්‍රකීර්ති, ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන් කෞශල්‍ය, කම්කරු කොමසාරිස්  (නීති) නීතිඥ මිලංග වීරක්කොඩි,කථිකාචාර්ය නීතිඥ ශ්‍යාමලී  රණරජා මහත්මිය ද එක් වූවාය