පුවත් සහ සිදුවීම්

ගරු. නිමල් සිරිපාල ද සිල්වා මහතා නව කම්කරු ඇමති ලෙස වැඩ භාර ගැනීම

කම්කරු අමාත්‍යාංශය කම්කරුවන්ට සේවය කරන අමාත්‍යාංශයක් විය යුතු බවත් එය සේවා යෝජකයින්ට රැකියා ස්ථානයක් නොවන බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. කම්කරුවන්ට අදාළ ලිපිගොනු ගොඩවල් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.

කම්කරුවන් හා සේවා යෝජකයින් අතර සහජීවනය තුළින් රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා මෙම අංශ දෙක සමබරව ඉදිරියට ගෙන යාම අමාත්‍යාංශයේ අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.