පුවත් සහ සිදුවීම්

කම්කරු අමාත්‍යංශයෙන් හෝමාගම රෝහලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්.

කොරෝනා ප්‍රතිකාර ඒකකයක් ලෙස ක්‍රියාත්මක හෝමාගම මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් කම්කරු අමාත්‍යංශය විසින් පසුගිය දා (24) එම රෝහලට පරිත්‍යාග කරන ලදී.

 

එම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල්  සිරිපාල ද සිල්වා, අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ ,ජාතික රැකියා සුරක්ෂිතා ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය චම්පිකා අමරසිංහ මිය, හෝමාගම රෝහලේ අධිකාරී වෛද්‍ය ජනිත හෙටිටිආරච්චි මහතා ද එක් වුහ.