ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය

මෙම ආයතනය 2017 සැප්තැම්බර් 11 වන දින ස්ථාපිත කර 2010 අංක 12 දරණ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතන පනත මඟින් බලාත්මක කරන ලදී. මෙම ආයතනය ත්‍රෛපාර්ශවීය හවුල්කරුවන් වන සේව්‍ය සේවක හා රජයේ නිලධාරින්ගේන් සැදුම්ලත් පාලක මණ්ඩලයක් මඟින් පාලනය වේ. කම්කරු අණපනත් නීති රීති රෙගුලාසි පිළිබඳව දැනුවත් වූ ඵලදායී ශක්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පුහුණු හා අධ්‍යයනය කටයුතු සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම මෙම ආයතනය මඟින් සිදු කරනු ලබයි.