සේවක අර්ථසාධක අරමුදල

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකායට යහපත් විශ්‍රාම දිවියක් සහතික කිරීමේ අරමුණින් 1958 අංක 15 දරන පනත මඟින් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කර ඇත. අරමුදලෙහි පරිපාලනය කමිකරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර මූල්‍ය පරිපාලනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබයි. සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවා ආයතන ලියාපදිංචි කිරීම, සාමාජිකයන් ලියාපදිංචි කිරීම, සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම, අනුමත අර්ථසාධක අරමුදල් අධීක්ෂණය, සේ.අ.අ. ප්‍රවර්ධනය කිරීම යන කාර්යයන් කමිකරු දෙපාර්තමේන්තුව මඟින් සිදු කරයි.