කාර්මික සම්බන්ධතා

කාර්මික සාමය පවත්වා ගැනීම සඳහා සාමුහික ගිවිසුම් මහත් පිටිවහලක් වේ. කාර්මික ආරාවුල් සමථකරණයේදී සාමූහික ගිවිසුම්වලට එළඹීම මඟින් සේවායෝජකයන් හා සේවකයන් යන දෙපාර්ශවය වෙත වඩා ස්ථිර විසඳුමක් ලැබීම මෙන්ම කම්කරු නීතිරීතිවලින් ලබා දී ඇති අයිතිවාසිකම් සහ වරප්‍රසාදවලට වඩා වැඩි වරප්‍රසාද ලබා ගැනීමට හැකියාව ද ලැබේ.

 

2019.12.31 දින වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ගිවිසුම් ගණන – 133
2020.09.30 දින වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ගිවිසුම් ගණන – 148

බේරුම්කරණය හා කාර්මික අධිකරණයෙහි ප්‍රධාන අරමුණ වනුයේ කාර්මික ආරවුල් නිරවුල් කිරීම වන අතර, බේරුම්කරුවෙකු / කාර්මික අධිකරණය විසින් ආරවුලක් විභාග කර ප්‍රදානයක් ලබා දෙයි. කම්කරු කාර්යාල මඟින් හෝ සෘජුවම දෙපාර්තමේන්තුවේ කාර්මික සම්බන්ධතා අංශය මඟින් කටයුතු කළද සමථ නොවන ආරාවුල්, බේරුම්කරණයට හෝ  කාර්මික අධිකරණයකට යොමුකරනු ලබන අතර 2020 වර්ෂයේදී අනිවාර්ය බේරුම්කරණයට යොමු කිරීම් 55ක්ද ප්‍රදාන නිකුත් කිරීම් 22ක්ද සිදු කර ඇත.

පෞද්ගලික අංශයේ සේවා නියුක්තයන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා සුභසාධනය කෙරෙහි බලපාන්නා වූ වැටුප්, සේවා තත්ත්වයන් හා කොන්දේසි පිළිබඳව ප්‍රමිතීන් සකස් කිරීම, යාවත්කාලීන කිරීම හා ඒවාට නෛතික තත්ත්වය ලබාදීම කම්කරු දෙපාර්තමේන්තුවේ අනවරත ක්‍රියාවලියකි. ඒ අනුව, 2020 වර්ෂයේදී පහත ක්‍රියාකාරකම් සිදු කරන ලදී.

ව්‍යවස්ථාපිත හිමිකම් අහිමිවීම් පිළිබඳ පැමිණිලි විසඳීම සහ කාර්මික ආරවුල් නිරවුල් කිරීම හිමිකම් අහිමිවීම් පිළිබඳ පැමිණිලි විසඳීම සහ කාර්මික ආරවුල් නිරවුල් කිරීම

 

ව්‍යවස්ථාපිත නීති උල්ලංඝනය වීම් හා කාර්මික ආරාවුල් ඇති වීමට ඉඩ ඇති අවස්ථා හා වැඩ වර්ජන පිළිබඳ පැමිණිලි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට දිස්ත්‍රික් කාර්යාල හා උප කාර්යාල වෙත යොමු කිරීම සේවකයන් හෝ වෙනත් විවිධ පාර්ශවයන් විසින් කරනු ලබන අතර. දිස්ත්‍රික් කාර්යාල, කලාප කාර්යාල හා ප්‍රධාන කාර්යාලයේ අදාළ අංශ මඟින්ද ඒවා විසඳීමට කටයුතු කරනු ලැබේ. එම උත්සාහයන් අසාර්ථක වුවහොත් අදාළ කාර්මික ආරවුල් විෂයභාර ගරු ඇමතිතුමන්ගේ නියෝග මත බේරුම්කරුවෙකු වෙත හෝ කාර්මික අධිකරණය වෙත යොමු කර විසඳුමක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. 2020 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කොවිඩ්-19 වසංගත කාලසීමාව තුළ ලැබුණු පැමිණිලි සංඛ්‍යා ව සහ විසඳීම් පහත පරිදි වේ.