පුවත් සහ සිදුවීම්

නව ලේකම්තුමා වැඩ භාරගැනීම

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා වශයෙන් ආර්.පී.ඒ.විමලවීර මහතා අද දින (2022.05.25) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි එම අමාත්‍යාංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. කම්කරු විෂය ක්ෂේත්‍රය පිළිබද ප්‍රවීණයෙකු වන ඔහු මීට පෙර කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ විවිධ තනතුරුවලත් කැබිනට් අමාත්‍යාංශ ගණනාවක අතිරේක ලේකම්වරයෙකු ලෙසත් රාජකාරි කොට අත්දැකීම් වලින් පරිපූර්ණ වූ නිලධාරියෙකි.

 

1998 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඒ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද විශේෂ උපාධිධාරියෙකි.  එසේම කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය මෙන්ම මානව සම්පත් සැලසුම්කරණය හා සංවර්ධනය පිළිබද ශාස්ත්‍රපති උපාධිය නවදිල්ලි විශ්ව විද්‍යාලයේන් ලබා ඇති අතර,  කම්කරු ක්ෂේත්‍රයට අදාළව පර්යේෂණ පත්‍රිකා රැසක් පළ කර ඇති විද්වතෙකි.

 

කම්කරු ක්ෂේත්‍රයට අදාළ අන්තර්ජාතික වැඩමුළුවන්හි සම්පත්දායකයෙකු වශයෙන් හා විෂයට අදාළ වෙනත් අන්තර්ජාතික අත්දැකීම් රැසක් ලබා ඇති අතර විවෘත විශ්ව විද්‍යාලයෙහි බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කරයි.

Leave a Reply