කම්කරුවන්ගේ වන්දි කොමසාරිස් කාර්යාලය

කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය මඟින් ඉටු කර වන කාර්යයන්

 

01. කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය

සේවයේ යෙදී සිටින අවස්ථාවේදී සිදුවන අනතුරු සම්බන්ධයේන් වන්දි ලබාදීම සඳහා 1934 අංක 19 දරණ
කම්කරු වන්දි ආඥා පනත පනවා ඇත. මෙම පනතට යම් යම් අවස්ථාවන්හිදී සංශෝධන කිහිපයක් ඇතුළත් වූ අතර, අවසාන සංශෝධනය 2005 අංක 10 පනතින් සිදුකර ඇත. කම්කරු වන්දි උසාවිෙ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බලතල සහිතව මුළු දිවයිනම අවරණය වන පරිදි සංචාරක උසාවි 14 කින් ද සමන්විත වේ.

 

රැකියාවේ යෙදී සිටියදී සිදුවන අනතුරු වලින් තුවාල ලබන සේවකයින්ට රැකියාවේ ස්වභාවය නිසා වැළඳුණු රෝගවලින් පීඩා විදින සේවකයින්ට සේවයේ යෙදී සිටින විට සිදුවෙන අනතුරු වලින් මියයන සේවකයින්ගේ යෙපෙන්නන්ට වන්දි අයකර දීම ප්‍රදාන අරමුණ වේ.

වාර්තා වූ මාරක හා මාරක නොවන අනතුරු සංඛ්‍යාව